ලොව වටා ඇති හොල්මන් සැරිසරන ගොඩනැගිලි

අතීතයේ ශ්‍රී විභූතියෙන් පිරී ඉතිරී ගිය සමහරක් මන්දිර කාලයත් සමඟ වල් වැදී ගරා වැටුනද තමන්ගේ අභිමානය වංශවත් බව රැක ගැනීම උදෙසා සිදිවු කෘර අපරාධයන් මෙන්ම කෘර වද හිංසා නිසාවෙන්ම ඒවා පසු කාලීනව එහි පැවති රහස් පිළිබිඹු කරන කැටපත් බවට පත් විය. මෙම ගොඩනැගිලි වලට සම්බන්ධ ගත සිත බියෙන් ඇලලී යන සිද්ධීන් කිහිපයක් පිලිබඳ හෙළි කරන මෙම ලිපිය එවැනි අපරාධ කොතරම් සගවලන්නට උත්සාහ කලද කාලයාගේ ඇවෑමෙන් හෙළිදරව් වන බවට සාක්ෂි සපයයි.

Continue Reading

ෂෙබා රැජින ගේ රන් ආකරය

බ්‍රිතාන්‍ය පුරා විද්‍යාඥයින් පිරිසක් විසින් ෂෙබා රැජින විසින් සඟවන ලද ඇයගේ වටිනා වස්තුව ඇත්තේ කොහේදැයි සොයා ගැනීමට සමත්ව ඇත.

බයිබලයට අනුව ෂෙබා රැජින තම පාලනය ගෙන ගියේ වර්තමාන ඉතියෝපියාව සහ යේමනය අතරය. ඇය ජෙරුසලමහි සොලමන් රජු වෙත ගොස් ඇත්තේ පැරණි බර මනින මිම්මක් වන ටැලන්ට් 120 (ටොන් හතර හමාරක් පමණ ) රන් ලබා දීමටයි. එම අතීත රන් ආකරය සමඟ දේවස්ථානයක නටබුන් සොයාගෙන ඇත්තේ උතුරු දිග ඉතියෝපියාවේ ග්රෙලේටා තැනිතලාවේ ඉහල කොටසිනි. මෙය රැජිනට හිමි පැරණි භූමි ප්‍රදේශ වලට අයත් වූවකි.

Continue Reading

මුත්‍රා වලින් තැම්බූ බිත්තර ආහාරයට ගන්නා චීනුන්

නැගෙනහිර චීනයේ ඩොන්ග්‍යාන්ග් නගරයේ පාසල් වාරය නිමාවේදී දෙමාපියන් තම දරුවන්ගේ මුත්‍රා එක් රැස් කිරීමට පෙලබෙන්නේ මහත් ඕනෑ කමිනි. එය අසාමාන්‍ය දසුනක් වුවත් ප්‍රාථමික පාසල් වල දිනය නිමාවේදී මෙය සුලබ තත්වයක් බවට පත්වේ.

වෙරලාසන්න ශෙජියාන් ප්‍රාන්ත‍යේ මෙම නගරය පුරා බිත්තර අලවි කරන වෙලදුන් තමන් තම්බන බිත්තර වලට මෙම එක්‍ රැස් කරගන්නා ලමුන්ගේ මුත්‍රා එක් කරන්නේ එය ප්‍රදේශයේ වැසියන්ට රසවත් ආහාරයක් බවට පත් කිරීමටය. ප්‍රාතමික විද්‍යාල වල වැසිකිලි වලින් එක්‍ රැස් කරගන්නා මුත්‍රා මෙසේ බිත්තර තම්බන විට එකතු කරගන්නේ එම ප්‍රදේශයේ වැසියන්ගේ එක්තරා සම්ප්‍රදායක් ඉටුකරලීමටය. වයස අවුරුදු 10 ට අඩු පිරිමි ලමුන්ගේ මුත්‍රා තුල තම්බා ගත් බිත්තර අනුභව කිරීම මෙම සම්ප්‍රදාය වූවත් එයට සැබෑ හේතුවක් පැහැදිලි නැත. නමුත් මෙය සතවර්ශ ගනගාවක් පුරා සිදුවන සම්‍ප්‍රදායක් වන අතර මෙම බිත්තර “Virgin Boy Eggs” එනම් “කන්‍යා පිරිමි ලමුන්ගේ බිත්තර” ලෙස හදුන්වයි. ඩොන්ග්‍යාන්ග් හි වීදි වල අලෙවි කරන මෙම බිත්තර තම්බන විටදී නැගෙන මුත්‍රා ගන්ධය යමෙකුට අප්‍රසන්න වූවත්, මෙම වෙලදුන්ට අනුව නම් මෙම බිත්තර ශරීර සෞක්‍යයට හිතකර අපූර්ව ආහාරයකි. 

Continue Reading